“මෙහෙවර පියස“ හෙට (20) ජනතා අයිතියට

අගෝ 19, 2019

    කම්කරු දෙපාර්තමේන්තුවේ අලුතින් නිම කළ “මෙහෙවර පියස“ කාර්යාල ගොඩනැගිල්ල හෙට ජනතා අයිතියට පත් කෙරේ.

    රටේ ශ්‍රම බලකායට එලදායි සහ විශිෂ්ට සේවාවක් එකම වහලක් යටින් ලබාදීම අරමුණ බව, අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි. නව ගොඩනැගිල්ල තුළ කම්කරු අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය ස්ථානගත කෙරේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අංශ කිහිපයක් ද ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පොදු පහසුකම් ද නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කෙරේ. ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 8,557ක්. මෙය මහල් 32කින් සමන්විතයි.

    Latest News