සරත් ෆොන්සේකා: ගෝඨාභය රට පාලනයට සුදුස්සෙක් නොවේ

අගෝ 19, 2019

    ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් එක්සත් ජාතික පක්ෂය විසින් රට ගැන සිතා අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු යැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ අද (19) ගම්පහ දී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයන්ට පිළිතුරු දෙමිනි.

    ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයට නායකයෙක් මෙන්ම ප්‍රතිපත්තියක් ඇති බවත් නිසැකවම ඒ අනුව ජනාධිපති අපේක්ෂකයා තෝරා පත් කරන බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා රට පාලනය කරන්න සුදුස්සෙක් යැයි එදා හෝ අද නොසිතන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

    රටේ ඇති පාවෙන ඡන්ද නිසැකයෙන්ම ජයග්‍රාහකයා තීරණය කරනු ඇතැයි ද කියා සිටියේය.

     

    Latest News