ලසන්ත, තාජුඩීන් සහ එක්නැලිගොඩගේ විමර්ශන CID යට (විඩියෝ)

අගෝ 18, 2019
  • හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමායේ සිදුවු ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධීන් 06කට අදාළ විමර්ශන සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා තිබේ.

    මෙම අපරාද සිද්ධින්ට සම්බන්ධ විමර්ශනවලට කරුණු 11ක් යටතේ වෙන වෙනම ගොනු සකස් කර ලබන 23 වනදා හෝ ඊට පෙර එම වාර්තාව ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් සුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

    ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, කීත් නොයාර් පැහැරගෙන යෑම, සහන සේවකයින් 17 දෙනෙකු ඝාතනය කිරීම සහ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම යන සිද්ධින්වල විමර්ශන වාර්තා යොමුකරන ලෙස නීතිපතිවරයා පසුගිය 15 වනදා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණි.

    නීතිපති විසින් ඉල්ලා සිටි විමර්ශන වලට අදාළ සිද්ධීන් 05ට අමතරව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වීමේ සිද්ධියද ඇතුළුව සිද්ධීන් 06ක විමර්ශන පිළිබඳවා විමසීමක් පොලිස්පති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේන් සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ නිවේදනයේ සඳහන්වේ.

     

    Last modified on සදුදා, 19 අගෝස්තු 2019 10:31

    Latest News