2019 දී නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ නඩු ගොනු 16,647ක නීති කටයුතු අවසන්

දෙසැ 31, 2019

    නීතිපති දෙපාර්තමේන්තුවට 2019 වසරේ දී ලැබුණු අපරාධ සම්බන්ධ නඩු ගොනු 16,647ක් නීති කටයුතු අවසන් කර තිබේ.

    ඉන් සිද්ධි 9851ක් සම්බන්ධයෙන් මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම සැකකරුවන් 2957ක් මුදා හැර ඇත. සිද්ධීන් 3568ක් සඳහා උපදෙස් පොලිසිය වෙත යවා ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී අධිනීතිඥ නිෂාර ජයරත්න මහත්මිය ප්‍රකාශ කරයි.

    Latest News