නීතිපති දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල විවෘත වෙයි

දෙසැ 15, 2020

    නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු සදහා ඉදි කළ නව ගොඩනැගිල්ල ඊයේ (14) විවෘත විය.

    නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගේ ආරාධනයෙන් අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසුරිය මහතාගේ සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරිණ.

    මහල් 12 කින් යුතුව ඉදි කර ඇති නව ගොඩනැගිල්ල සදහා රුපියල් බිලියන 12 ක මුදලක් වැය කර ඇති අතර 2016 වර්ෂයේදී ඒ සදහා මුල්ගල් තැබීම සිදු කර ඇත.

    සර්ව ආගමික වතාවත් සිදුකර ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව නව ගොඩනැගිලි සංකීර්ණය තුළ කිරි ඉතිරිවීම සිදු විය.

    අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා, නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් නීතිඥවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

    Latest News