වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ සාක්ෂි විනාශ කිරිමේ චෝදනා එල්ලවී සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා නොමැතිව සාක්ෂි විභාගය පවත්වාගෙන යාමේ හැකියාව පිළිබඳව තීරණය කිරිමට අවශ්‍ය සාක්ෂි මාර්තු 02 වැනිදා ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණය විසින් නීතිපතිට නියම කළේය.

රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධිය පිළිබඳ සාක්ෂි වසන් කිරිමේ චෝදනාවට කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීන් මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නඩුව ඔක්තෝබර් මස 3 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමායේ සිදුවු ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධීන් 06කට අදාළ විමර්ශන සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා තිබේ.

වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ මිනීමැරුම් චෝදනා එල්ල කළ හැකි සැකකරුවන් සිටීනම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද රහස් පොලිසියට නියම කලේය. 

Latest News