නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු සදහා ඉදි කළ නව ගොඩනැගිල්ල ඊයේ (14) විවෘත විය.

නීතිපති දෙපාර්තමේන්තුවට 2019 වසරේ දී ලැබුණු අපරාධ සම්බන්ධ නඩු ගොනු 16,647ක් නීති කටයුතු අවසන් කර තිබේ.

නීතිපතිතුමා විසින් ගම්පහ මහාධිකරණයේ රතුපස්වල උද්ඝෝෂණ සිද්ධියට අදාළව අධිචෝදනා ගොනු කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තා අවිනිශ්චිත වාර්තා බවට පෙනී යන බව නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිට දැනුම් දී තිබේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමායේ සිදුවු ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධීන් 06කට අදාළ විමර්ශන සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා තිබේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධි කිහිපයක විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

2019 පළමු මාස ​​හත තුළ අපරාධ නඩු 4,390 ක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කටයුතු අවසන් කර ඇති බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පවසයි.

Latest News