තාජුඩීන් ඝාතන නඩුව නීතිඥ නොමැතිව විභාගය කල්යයි

සැප් 19, 2019

    රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධිය පිළිබඳ සාක්ෂි වසන් කිරිමේ චෝදනාවට කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීන් මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නඩුව ඔක්තෝබර් මස 3 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබිය.

    අද නඩුව කැඳවු විට මූලික විරෝධතා ඉදිරිපත් කරන බව විත්තියේ නිතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පසුගිය නඩු දිනයේ ප්‍රකාශ කර කළේය.

    ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අද නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා සඳහන් කළේ ඔහු වෙනත් නඩුවක් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින බවයි. එය ඉතා අසතුටුදායක තත්ත්වයක් බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා අද දින මූලික විරෝධතා සඳහා නියම කරනු ලැබුවේ විත්තියේ නීතිඥවරයාගේ ඉල්ලීම අනුව බව කියා සිටියේය. ඒ අනුව මෙම මූලික විරෝධතා පිළිබඳ කරුණු දැක්වීම ඔක්තෝබර් මස 03 වනදා තෙක් කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය

    2012 වසරේ මැයි මස 17 වනදා කොළඹ, නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය ඉදිරිපිට පිලිස්සෙමින් තිබූ වාහනයක තිබී මියගිය වසීම් තාජුඩීන්ගේ මළ සිරුර සොයාගෙන තිබුණි. මෙම මළ සිරුරට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම විත්තිකාර සමරසේකර මහතා වෙත පැවරී තිබුණ ද ඔහු එම කාර්යයට සක්‍රීය ලෙස දායක නොවී ඔහුගේ කනිෂ්ඨ වෛද්‍යවරු දෙදෙනෙකු ලවා එය සිදු කොට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වුයේය.

    පසුව මෙම මළසිරුරට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමේදී ඉන් ඉවත් කරගත් වැදගත් අස්ථි කොටස් දෙකක් අස්ථානගත කොට මෙම පරීක්ෂණයට අදාල වැදගත් සාක්ෂියක් විනාශ කළේ යැයි චෝදනා කරමින් වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව නීතිපති චෝදනා එල්ල කර ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 සැප්තැම්බර් 2019 16:16

    Latest News