ජනාධිපති අපේක්ෂකයා ගැන දුමින්දගෙන් ඉඟියක් (විඩියෝ)

අගෝ 12, 2019
  • මැතිවරණයට පමණක් පොරොන්දු ලැයිස්තුවක් දී, පත් වූ දවසේ සිට ඒ කිසිවක් නොකෙරන පුද්ගලයකු නොව කියූ දේ තමන්ගේ ධූර කාළසීමාව තුළ කරන පුද්ගලයෙකු ඉදිරි ජනාධිපතිවරයා වියු යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ, අනුරාධපුර, තලාව, නව හගුරන්කෙත ගම්මානයේ ප්‍රජා එක්සත් මරණාධාර සමිතියේ උත්වයකට එක්වෙමින්.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා...

    "ඉදිරියේ ජනාධිපතිවරණයක් එනවා, දෙසැම්බර් මාසේ 08 වැනිදාට පෙර ජනාධිපතිවරණය එනවා. ජනතාවට ආයේ වතාවක් අවස්ථාවක් ලැබිලා තියෙනවා රටට ගැලපෙන ජනාධිපතිවරයෙක් පත් කර ගන්න. මම කවුද ජනාධිපතිවරයා වෙන්නේ කියලා තාම කියන්නේ නෑ..මේක ඒකට වෙලාවත් නෙමෙයි.මම කථා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙසයි.

    මම සියලු ජනතාවගෙන් එක ඉල්ලීමක් කරනවා මෙවර ජනාධිතිවරයා තෝරා ගන්නා විට වැඩපිළිවෙලක් තියෙන, අපේ දරුවන්ගේ අනාගතය සුභවාදී කරන්න පුළුවන්, කියන දේ කරන නායකයෙක් වගේම පක්ෂයකට එහා ගිහින් රට දිනවන්න වැඩපිළිවෙලක් තියෙන කෙනෙක් තමයි පත් කර ගන්න ඕන.

    හැමදාමත් අර පක්ෂය මේ පක්ෂය නිසා මෙහෙම වෙන්නමෙහෙම වෙන්න කියලා කිව්ව දේ ඉවර වෙන්න.දැන් වැඩපිළිවෙලක් තියෙන්න ඕනඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන නායකයෙක් වෙන්න ඕනඒ වගේම කියපු දේ තමන්ගේ කාළසීමාව තුළ කරන මිනිහෙකුත් වෙන්න ඕනඑහෙම නැතිව මැතිවරණයට පමණක් පොරොන්දු ලැයිස්තුවක් දීලා පත්වෙච්ච දවසේ ඉඳන්ම ඒ එකක්වත් නොකෙරුවොත් වැඩක් තියෙනවාදඒ නිසා මේ හැමදේම බලලා ඔබතුමන්ලා අනාගත ජනාධිපතිවරයා තෝරා ගන්න කියලා ඉල්ලීමක් කරනවා.තමන්ගේම පක්ෂයෙන් වැරදි මිනිහෙක් ඉල්ලුවත් දෙන්න එපා.මොකද වැරදි මිනිහෙකුට ජන්දය දුන්නොත් ඒක රටට හොඳක් නෙමෙයි.වැඩිහිටියෝ විදිහට අපි කරන්න තියෙන වැරදි ටික සේරම කරලා ඉවරයි."

    Last modified on සදුදා, 12 අගෝස්තු 2019 20:27

    Latest News