සියඹලාණ්ඩුව සුර්ය බල උද්‍යානයේ ඉදිකිරීම් කඩිනමින්..

නොවැ 12, 2020

    සියඹලාණ්ඩුව සුර්ය බල උද්‍යානයේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි,රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

    2030 වන විට ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජණනීය බලශක්ති පද්ධති ධාරිතාව 70% දක්වා වැඩි කිරීම රජයේ ඉලක්කයයි. සූර්ය,සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවති සාකච්ජාවක දී මේ කරුණු අනාවරණය කෙරිණ.

    සූර්ය බල උද්‍යානයේ වගා කටයුතු සිදු කර ඇති අනවසර ගොවීන් වෙනුවෙන් ඉඩම් අක්කර 5ක නීත්‍යානුකූලව ලබාදීමට ද දුමින්ද දිසානායක මහතා උපදෙස් දුන්නේය.

    මෙන්ම, මොනරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක අනවසර පදිංචිකරුවන් වෙනුවෙන් ඉඩම් ලබාදීමේ ව්‍යාපෘතිය අනූව සියඹලාණ්ඩුව,සූර්ය බල උද්‍යානයේ ‍ගොවීන්ට ද ඉඩම් ලබාදිය හැකි බව රාජ්‍ය අමාත්‍ය ශෂීන් රාජපක්ෂ මහතා කියා සිටියි. විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 නොවැම්බර් 2020 11:47

    Latest News