කුඩා ජල විදුලිබලාගාර මගින් ජාතික පද්ධතියට මෙගාවොට් 440 ක්

ජන 21, 2022

    මෙගාවොට් 10 හා ඊට අඩු පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති සදහා විධිමත් මාර්ගෝපදේශ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින්.

    ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ශේත්‍රය ආරම්භයේ සිට වර්තමානය දක්වාම ෆොසිල ඉන්ධන මත රඳා පැවතීම හේතුවෙන් මේ වන විට එය විදුලි බල අර්බුදයක් දක්වා වර්ධනය වී ඇත. එහෙයින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත ගමන්කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බවට පත්ව ඇති බවත් ඒ සදහා සූර්ය බල සුලං හා ජල විදුලි ජනන ව්‍යපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ලෙස මේ වන විට ඉටුකර ඇති වැදගත් කාර්‍යභාරයන් පිලිබදවත් අමාත්‍යවරයා කරුණු පැහැදිලි කලේ පසුගියදා වෝටස් ඒජ් හෝටලයේදී (WATERS EDGE) පැවති කුඩා ජල විදුලි සංගමයේ 25 වෙනි සංවත්සරයට එක් වෙමිනි.

    ලෝකයේ රටවල් ඉතා වේගවත්ව සුනිත්‍ය බලශක්ති ප්‍රභවයන් මගින් බලශක්තිය උත්පාදනය සදහා සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින අතර අප තවමත් ෆොසිල ඉන්ධන මත යැපීම හේතුවෙන් මේ වන විට උද්ගතව ඇති ගැටලු කාරී තත්වයන්ට හේතුව බවත් අමාත්‍ය වරයා මෙහිදී පෙන්වාදෙන ලදි.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්වරයා සඳහන් කළේ පුනර්ජනනීය බලශක්ති වියාපෘති ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය අවසර ලබාගැනීම්, අනුමත කරගැනීම් ක්‍රියාවලිය සදහා ONESTOP SHOP සංකල්පයෙන් ආරම්භ කළ සුනිත්‍ය බලශක්ති අධිකාරිය පසුගිය කාලයේ තවත් එක් සාම්ප්‍රදායික රාජ්‍ය ආයතනයක් පමනක් බවට පත්ව තිබූ අතර මා අමාත්‍යාංශය බාරගැනීමෙන් අනතුරුව සුනිත්‍ය බලශක්ති අධිකාරිය පරිසර අනුමැතිය හැර අනෙකුත් සියලු අනුමත කිරීම් හා සේවා එකම වහලක් යටින් ආයෝජකයන් හට උපරිම මාසයක කාලයකින් ඉටු කර ගැනීමට හැකිවන ලෙස බලගන්වමින් ආයෝජකයන් හට ශක්තිමත් සේවයක් ලබාදීමට කටයුතු කළා.

    වසර 2022/01/04 වැනි දින අංක 2261 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර මෙගාවොට් 10 හා ඊට අඩු වියාපෘති සදහා ක්‍රියාත්මක කිරීම් ක්‍රමවේදය ඉතා වේගවත්ව හා වියාපෘති මගින් උත්පාදිත විදුලිය මිලදීගැනීමට සම්මත අය ක්‍රමයක්, ප්‍රමුඛතාව මත මධ්‍යම ජාලයට විදුලිය ලබා දීමටත් පාර්ලිමේන්තු බලතල ප්‍රකාරව කටයුතු කර පුනර්ජනනීය බල සැපයුම් ක්ශේත්‍රය ශක්තිමත් කිරීමට කටයුතු කළේය.

    වසර 2030 වන විට රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන් නිපදවීමේ ජාතික ප්‍රතිපත්ති මහපොලවේ යථාර්ථයක් කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් ජල විදුලිය මෙන්ම සූර්ය, සුළං, දැව ඉන්ධන මෙන්ම අනෙකුත් පුනර්ජනනීය බලශක්ති වියාපෘති සදහාද ආයෝජණය කිරීමටද මෙහිදී අමාත්‍ය වරයා ඔවුන් හට ආරාධනා කළේය.

    මෙම අවස්ථාවට අභිනව අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා, ලංකා විදුලිබල මන්ඩලයේ නිලධාරීන්, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල මහතා, ජල විදුලි නිශ්පාදකයන්ගේ සංගමයේ නිලධාරීන්, සාමජික මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සහභාගී විය.

    Latest News