දෙවියන් නමදින අද දින ලැබෙනුයේ සමානාත්මතාවයෙන් දිවි ගෙවීමේ ශික්ෂණයයි..ජනපති

අගෝ 12, 2019

    ලොව නන්දෙසින් පැමිණෙන සියලු ඉස්ලාම් බැතිමතුන් සහජීවයෙන් දෙවියන් නමදින මේ මහා පූජෝත්සවය මගින් ලැබෙනුයේ අන්සියලු ආගමිකයන් සමඟ ද සමානාත්මතාවයෙන් යුතුව දිවි ගෙවීමේ ශික්ෂණයකයි, හජ්ජි උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    කායික, මානසික හා ආර්ථික වශයෙන් සවිමත් සෑම පුරුෂයෙකුම හා ස්ත්‍රියකම ශුද්ධ වූ හජ් වතාවත් සිදු කරන මේ මෙහොතේ, සියලු ඉස්ලාම් බැතිමතුන්ට සුබාශිංෂණය කිරීමට ලැබීම ඉමහත් ප්‍රසාදයකට හේතු වන බවයි, ජනාධිපතිතුමාගේ පණිවුඩයේ සඳහන් වන්නේ. වියවුලෙන් වියවුලට පත් වන ලොවක අනෝන්‍ය වශයෙන් මිනිසුන් පැවැත්විය යුතු බැඳීම් මහිමය පිළිබඳ පුළුල් ආදර්ශයක් ද හජ් උත්සවයෙන් සැපයෙයි.

    ජාතික හා පුද්ගල තරාතිරම් නොතකා ලොව නන්දෙසින් පැමිණෙන සියලු ඉස්ලාම් බැතිමතුන් සහජීවනයෙන් දෙවියන් නමදින මේ මහා පූජ්‍යෝත්සවය මගින් ලැබෙනුයේ අන් සියලු ආගමිකයන් සමඟ සමානාත්මතාවයෙන් යුතුව දිවි ගෙවීමේ ශික්ෂණය බවයි, ජනාධිපතිතුමා පවසන්නේ.

    Last modified on සදුදා, 12 අගෝස්තු 2019 10:08

    Latest News