පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් 3,365ක් අලුතින්

ජූලි 27, 2019

    ජාතික හා පළාත් පාසල් වෙත පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් 3,365ක් බඳවාගෙන තිබේ.

    ඒ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ට කුසලතා දැක්වූ ක්‍රීඩා ක්‍රීඩිකාවන් 3,888ක් ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පාසල් පද්ධතියට බඳවා ගැනීමේ ව්‍යාපෘතිය යටතේ. මෙම වසරේ අප්‍රේල් මාසයේ දී අධ්‍යාපන පද්ධතියට අලුතින් බඳවාගත් මෙම පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් අතරින් පළමු අදියර යටතේ නව ගුරුවරුන් ලබන 29 වැනිදා ජාතික හා පළාස් පාසල් වෙත මුදා හැරීමට නියමිතයි.

    මෙරට පාසල් ක්‍රීඩා ඉතිහාසය තුළ ක්‍රීඩාව ඉහළ නැංවීමට එකවර 4000කට ආසන්න පිරිසක් ගුරුවරුන් බඳවා ගත් ප්‍රථම අවස්ථාව මෙයයි.

    Last modified on සෙනසුරාදා, 27 ජූලි 2019 11:15

    Latest News