මින්නේරිය - කවුඩුල්ල වැව්වල වාන් දොරටු විවෘත කෙරේ

ජන 15, 2021

    මින්නේරිය සහ කවුඩුල්ල වැව්වල වාන් දොරටු 2ක බැගින් අද උදේ විවෘචත කෙරිණ.

    ප්‍රදේශයට පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශවල ජල මට්ටම ඊට හේතුවයි.

    මේ වන විට වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අයත් වැව් 29ක වාන් දොරටු විවෘත කර තිබේ. ඉදිරියේ දී වර්ෂාපතනය වැඩි වුවහොත් තවත් වැව් රැසක වාන් දොරටු විවෘත කිරීමට සිදු වන බවයි, වාරි ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර මහතා පවසන්නේ.

    ජල ගැලීම් හේතුවෙන් මහවැලි එල් කලාපයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබේ. වැලිඔය ප්‍රදේශයේ වැව් සියල්ල මේ වන විට පිටාර ගලන බවයි මහවැලි සංවර්ධන අධිකාරියේ එල් කලාප කාර්යාලය පවසන්නේ.

    Latest News