ස්කුරුප්පු නියනින් ගෙවල් බින්ද කාන්තාවක්

ජූලි 27, 2019

    ඉස්කුරුප්පු නියන් ආධාරයෙන් බදුල්ල ප්‍රදේශයේ දිවාකාලයේ නිවාස බිද මුදල් හා ස්වරණාභරණ සොරකම් කළ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට බදුල්ල පොලිසිය සමත්විය.

    නිවැසියන් නොමැති අවස්ථාවන්හි ඉස්කු‍රුප්පු නියන ආධාරයෙන් ජනේල විවෘත කර නිවෙස් වලට ඇතුල්වී භාණ්ඩ සොරකම් කිරිම සිදුකර ඇත. නිවාස 10 ක මුදල් හා ස්වරණාභරණ ඇය විසින් සොරකම් කර ඇතැයි පොලිසිය පවසයි.

    මෙම කාන්තාවට ප්‍රවාහන පහසුකම් සැලසු ත්‍රිරෝද රථ රියදුරෙක් හා ත්‍රිරෝද රථය ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සොරකම් කළ ස්වර්ණාභරන වලින් කොටසක් ඇය ලඟ තිබී සොයාගෙන ඇති අතර අනෙක් ස්වර්ණාභරණ උකස් මධ්‍යස්ථානයක තබා මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ. බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි .

    Latest News