තරුණයින් දෙදෙනෙක් යාපනය රාත්‍රී දුම්රියට බිලි

ජූලි 20, 2019

    යාපනය සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී දුම්රියේ ගැටී ඊයේ (19) කිලි‍නොච්චිය, අරවියල්නගර් ප්‍රදේශයේ දී තරුණයින් දෙදෙනෙකු මිය ගොසි තිබේ.

    තරුණයින් දුම්රිය මාර්ගයේ වැතිර සිට ඉවත්වීමට උත්සහ කරන අවස්ථාවේ දුම්රියේ ගැටී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. මෙසේ මියගොස් ඇත්තේ මුලතිව්, මුරුකන්ඩි ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි සෙල්වරාසා සජීපන් නමැති තරුණයෙකු හා යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි ආනන්දසාමි නිලවන් නමැති 28 හැවිරිදි තරුණයෙක්. 

    අනතුර නිසා රාත්‍රී දුම්රිය ප්‍රමාද වී ධාවන කළ අතර, මළ සිරුරු කිලිනොච්චිය දුම්රිය ස්ථානය වෙත ලබාදීමෙන් අනතුරුව දුම්රිය නැවත ධාවනය වී තිබේ. මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද (20) පැවැත්වීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

    Last modified on සෙනසුරාදා, 20 ජූලි 2019 08:36

    Latest News