දයාසිරි අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

ජූලි 10, 2019

    පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට අද (10) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාටත්, නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ අධ්‍යපන අමාත්‍යංශ ලේකම්වරයා පැමිණීමට නියමිතයි.

    අද පස්වරු 2.00ට එම සභාව රැස්වීමට නියමිත බවයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය. මීට පෙර එම විශේෂ කාරක සභාව හමුවේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මෙන්ම නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම්.හිස්බුල්ලා මහතාත්, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලී මහතා ඇතුළු පිරිසක් සාක්ෂි ලබාදීම සිදුකළේය. 

    Last modified on බදාදා, 10 ජූලි 2019 07:20

    Latest News