දයාසිරිගෙන් කරුණු විමසූ ශ්‍රී.ල.නි.ප. ලිපියට වාරණ නියෝගයක්

සැප් 21, 2023

    පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් කරුණු විමසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක වීම වලක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

    ඒ, කොළඹ දිසා අධිකරණය විසින්. එම වාරණ නියෝගය ලබන මස 5 වැනිදා දක්වා බලාත්මකයි. කොළඹ දිසා විනිසුරු සඳුන්විතාන මහතා එම නියෝගය නිකුත් කළා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි. නිදහසට කරුණු ඉල්ලා ලිපියක් යොමු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාට පක්ෂ ව්‍යවස්ථාව යටතේ බලයක් නොමැති බවයි, මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ.

    Latest News