පාස්කු ප්‍රහාරයට සහ්රාන් සමඟ අවි පුහුණුව ලැබු අයෙක් මාට්ටු

ජූලි 09, 2019

    පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ පුද්ගලයෙක් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ විසින් අද (09) පේරාදෙණිය දවුලගල ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සැකකරු මහනුවර අරුප්පල ප‍්‍රදේශයේදී අවි පුහුණුව ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටි.

    මොහොම්මදු මුක්තාර් ආශිෆ් නැමැති 29 හැවිරිදි අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. පේරාදෙණිය හේන්දෙණිය ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසේදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ. මෙම ත‍්‍රස්ත සංවිධානය සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශනයේදී හෙළි වූ තොරතුරු අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට නියමිතව බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

    Latest News