update-10,11 විශ්වාසභංගය විවාදයට පක්ෂ නායකයින් එකඟයි

ජූලි 08, 2019

    ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන ඇති විශ්වාසභංග යෝජනාව ලබන 10,11 දින දෙකෙහි විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේ දී එකඟතාවකට පැමිණ තිබේ.

    ඉඩම් පනතට අද පක්ෂ නායක රැස්වීමක් (පෙ.ව7.55)

    කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.30ට පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතයි.එළඹෙන සිකුරාදා විවාදයට ගැනීමට නියමිත ඉඩම් විශේෂ විධිවිධාන පනත පිළිබදව මෙම පක්ෂ නායක රැස්විමේ දී අවධානය යොමු කෙරේ.

    අදාළ පනත සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී තිබේ. එම පනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය හෙට දිනයේ පවත්වනවාද නැද්ද පිළිබද මෙහිදි තීරණය වනු ඇති. ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන රජයට එරෙහිව විශ්වාස භංග යෝජනාව 10 සහ 11 විවාදයට ගැනීමට ද නියමිතයි.

    Last modified on සදුදා, 08 ජූලි 2019 16:10

    Latest News