චීන ජනාධිපතිවරයා හා ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා හමුවේ

ජන 29, 2020

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බෙයිජිං නගරයේ පිහිටි මහජන මහ ශාලාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා හමුවිය.

    දැනට වෛරස් උවදුරට මුහුණ පා සිටින චීන ජනතාව එක්සත්ව එක්සිත්ව කාර්යක්ෂමතාවෙන් යුක්තව කාලෝචිත හා ඵළදායි පියවර ගනිමින් සිටින බවත් ඔවුන්ගේ ජීවිත සහ ශාරීරික සෞඛ්‍යය සැමවිටම පළමු ස්ථානයට දමා වසංගතය වැළැක්වීම සහ පාලනය කිරීම වර්තමානයේ වැදගත්ම කාර්යය වන බවත් ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.

    වූ හන් නගරයේ නව කොරොනා වසංගතය සිදු වීමෙන් පසුව, චීන රජය වසංගතය වැළැක්වීම හා පාලනය කිරීම සඳහා, ප්‍රබල පියවර මාලාවක් වහාම යොදා ගෙන ඇති බව Tedros මහතා පැවසීය.

    එවැනි පියවර මගින් වසංගතය ඵලදායී ලෙස පාලනය කොට අවසානයේදී එය ජය ගනු ඇතැයි හෙතෙම විශ්වාසය පළ කළේය.

    Latest News