ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම යළි ඇරඹේ

ජූලි 08, 2019

    තාවකාලිකව නවතා දමා තිබු ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද (08) සිට යළි ක්‍රියාත්මක කෙරනෙ බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

    පසුගිය සිකුරාදා දිනයේ පරිගණක පද්ධතියේ ඇති වු දෝෂයක් හේතුවෙන් හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාළිකව නවතා දැමීමට එම දෙපාර්තමේන්තුව තීරණය කළේය.

    ඒ අනුව අද වන විට එම දෝෂය යථාතත්වයට පත් කර ඇති අතර සාමාන්‍ය පරිදි හැඳුනුම්පත් නිකුත් කිරීමට හැකියාව පවතින බව ඔවුන් සඳහන් කළේය. සේවය අක්‍රිය වී තිබු දින දෙක තුළදී ඒ සඳහා මුදල් ගෙවා තිබු අයඳුම්පත් සඳහා සාමාන්‍ය සේවා යටතේ අද දිනයේ හැඳුනුම්පත් ලබා ගැනීමට අවස්ථාව පවතියි.

    මීට අමතරව එක්දින සේවාව ලබා ගැනීමේ අපේක්ෂාවෙන් අයඳුම්පත් භාරදුන් පිරිස් සඳහා නොමිලේ හැඳුනුම්පත් නිකුත් කෙරෙන බවද පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    Last modified on සදුදා, 08 ජූලි 2019 11:03

    Latest News