කොටහේනේ කප්පම් කල්ලිය අල්ලයි

ජූලි 08, 2019

    කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් කප්පම් ලබාගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

    ඒ පැහැර ගැනීමට යොදාගත් ත්‍රීරෝද රථ දෙකක් හා දුරකථනයක් ද සමගින්. යාපනය - කොළඹ පෞද්ගලික බස් රථයක රියදුරෙකු මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ ඉකුත් 5 වැනි දිනයි. මොහොමඩ් නුස්රන් මොහොමඩ් ජලාල්ඩීන් නමැති නව කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ මොහාමඩ් අබුබකාර් අබ්දුල් රහුමාන් නමැති කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනිණ. ඔවුන් අත්අඩංගුවට ගැනුණේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි.

    සැකකරුවන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කොළඹ අපරාධ කොට්ඨාසය මේ පිළිබඳ විමර්ශන සිදු කරයි.

     

    Last modified on සදුදා, 08 ජූලි 2019 09:27

    Latest News