ලොකු ලූනු ගොවීන් අලි අමාරුවක (ඡායාරූප)

නොවැ 13, 2018

    ඉන්දියාවෙන් ගෙන්වන ලද ලොකුලුනු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි කිරීම හේතුවෙන් දඹුල්ල, ගලේවෙල සහ සීගිරිය ආදී ප්‍රදේශවල ගොවීන්ට අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවි ඇති බව වාර්තාවේ.

    එම ලොකුලුණු ගොවිපල වල සහ ගබඩාවල නරක් වී ඉවත් කිරීමට සිදුව ඇතැයි ගොවීහු පෙන්වා දෙති.

    මේ දිනවල විදේශීය ලොකු ලූනු කිලෝවක් රුපියල් 80ත් 85ත් අතර මිලකට අලෙවි වේ.

    එහෙත් දේශීය ලොකු ලූනු කිලෝවක් රුපියල් 60.ත් 65 ත් වූවත් දේශීය ලොකු ලූනු ව්‍යාපාරිකයන් විසින් මිලදී නොගන්නා බව ගලේවෙල සහ පට්ටිවෙල ප්‍රදේශයේ මහ පරිමාණ ලොකුලූනු ගොවියෙකු වූ එස්. ඒ. රත්නපාල මහතා පැවසීය.

    ලොකු ළූණු වගාකරුවකු රතනපාල මහතා කියා සිටියේ තමන් ලූනු අක්කර 30ක වගා කළ බවයි. මේ වන විට ලූනු කිලෝ හැත්තෑපන්දහසකට අධික ප්‍රමාණයක් අලෙවි කර ගැනීමට නොහැකිව ඉවත් කළ බවත් ඔහු පැවසිය්ය. තමන්ගේ ගබඩාවල දේශීය ලොකුලූනු ගොඩගසා ඇති බවත් දිනපතාම නරක් වෙන ඒවා ඉවත් කරමින් විශාල මුදලක් වියදම් කරමින් සිටින බවයි. හැටකට පමණ රැකියා සපයමින් වගා කරන ගොවියකු බවත්, මේ වන විට සිදුව ඇති හානියත් සමඟ ඉදිරියේදී වගාවෙන් ඉවත් වන බව ද හෙතෙම කීවේය. ඒසේ වූ විට ප්‍රදේශයේ පුද්ගලයන් 60කට පමණ රැකියා අහිමිවන බව ද රත්නපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    lunu 05

    දේශීය ලොකු ලූනු අලෙවි කර ගැනීම සඳහා රජය මැදිහත්වී කුමන හෝ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ද දඹුල්ල සිගිරිය ගලේවෙල ගොවීහූ රජයෙන් ඉල්ලීමක් කර සිටිති.

    විදේශීය ලොකු ලූනු සඳහා රුපියල් 40ක විශේෂ බද්දක් රජය විසින් පනවා තිබේ. එම බදු මුදල් ගෙවා ඉන්දියාවෙන් ගෙන්වන ලද ලොකු ලූනූ දඹුල්ල වෙළෙඳ පොළේ අඩු මුදලට අලෙවි කිරීම මෙම ගැටළුවට හේතුව බව ගොවීහු පවසති.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

     

    Latest News