රටට අවශ්‍ය ලොකු ලූණු බීජ රට තුළින්ම නිෂ්පාදනය කර ගැන්ම කෙරෙහි රජයේ අවධානය යොමු ව තිබේ.

මෙවර යල කන්නයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර දෙදහසක පමණ ලොකු ලූනු වගා කිරීමට පියවර ගෙන තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් රුපියල් 110 සිට රුපියල් 160 දක්වා වූ මිල ගණන් යටතේ ලොකු ලූනු ඕනැ තරම් මිළදි ගත හැකි යැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යු . බී. ඒකනායක මහතා පවසයි.

ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 39කින් පහළ තිරණය කර තිබේ.

ඉන්දියාවෙන් ගෙන්වන ලද ලොකුලුනු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි කිරීම හේතුවෙන් දඹුල්ල, ගලේවෙල සහ සීගිරිය ආදී ප්‍රදේශවල ගොවීන්ට අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවි ඇති බව වාර්තාවේ.

Latest News