update ශ්‍රීලනිප - පොදුජන සාකච්ඡා 26ට කල්යයි

ජූනි 17, 2019

    update-නව සන්ධානයක් ගොඩනැගීම සඳහා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ජාව  කල්තබා තිබේ. ඒ අනූව, එම සාකච්ජාව ලබන 26 පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.  

    ශ්‍රීලනිප - පොදුජන සන්ධානගතවීමේ අදත් සාකච්ජා(පෙ.ව 8.00)

    නව සන්ධානයක් ගොඩනැගීම සඳහා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තවත් සාකච්ජාවක් අද පැවැත්වීමට නියමිතයි. අද සාකච්ජාව පැවැත්වෙන්නේ විපක්ෂ නායක කාර්යාලයේදීයි. නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ජා වට කිහිපයක් පැවැත්වුණ අතර අවසන් සාකච්ජාව පැවැත්වුණේ පසුගිය ජුනි 7 වැනිදායි.

    ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, රෝහණ ලක්ෂ්මන් පියදාස හා ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය ජීඑල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජගත් වැල්ලවත්ත යන අමාත්‍යවරු මෙම සාකච්ජාවට සහභාගී විය.

    Last modified on සදුදා, 17 ජූනි 2019 11:44

    Latest News