නිවස හාරා නිදන් සෙව් 12ක් මාට්ටු

ජූනි 09, 2019

    වැල්ලවාය ආදාවෙලයාය නිදන් සොයා කැනීම් කල සැකකාරියක ඇතුළු සැකකරුවන් දොලොස් දෙනෙකු ඊයේ රාත්‍රි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    ආදාවෙලයාය පෞද්ගලික ඉඩමක මෙම කැනීම් සිදු කර ඇති අතර පොලිස් වැටලීම සිදුවන අවස්ථාවේ යාග සහ කපු වැඩ පැවත්විණි. 

    නිදාන් හැරිමේ නිවස හිමි කාන්තාව විසින් කපුවා ලෙස ක්‍රියා කර ඇති බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු විසිහතරත් පනස් හතරත් අතර පසුවන්නන් වන අතර සැකකරුවන් පානදුර සහ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ. එම අවස්ථාවෙදී කැනීම් කල උපකරණ ඇතුළු භාන්ඩ රැසක් පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට අද (9) ඉදිරිපත් කීරීමට නියමිතයි. වැල්ලවාය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

    Last modified on ඉරිදා, 09 ජූනි 2019 15:19

    Latest News