මොණරාගල නිදන් සෙවු 02ක් මාට්ටු

සැප් 19, 2019

    මොණරාගල මැදගම වෙල්යායේ නිදන් සොයා කෑනිම් කරමින් සිටි දෙදෙනකු මොනරාගල දිසා පුරාවස්තු ආරක්ෂක විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් දින ගනණක් සිට කැනීම් සිදු කර ඇති අතර වැටලීමේදී නිදන් හෑරීම සදහා උපයෝගී කරගත් උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙම ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ. අවුරුදු පනස් හය සහ හතලිස් අට යන වයස් වල පසුවන්නන් වන අතර සැකකරුවන් බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස විසි හතර දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

    Latest News