දකුණු මුහුදේ සුළං තත්වය තවදුරටත්; පළාත් කිහිපයකට වැසි

ජූනි 09, 2019

    දිවයින හරහා මෙන්ම දිවයිනට නිරිත දෙසින් සහ දකුණු දෙසින්ශ මුහුදු ප්‍රදේවල පවතින සුළං තත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.


    බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල ද කලුතර, ගාල්ල, මාතර, අනුරාධපුර, මන්නාරම සහ රත්නපුර දිස්ත්‍රික්කවල ද වැසි ඇතිවේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ වැසි හටගන්නේ සවස 2.00න් පසුවයි. ප්‍රදේශ රැසකට තද සුළං ඇතිවිය හැකියි. ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල පැයට කිලෝ මීටර 65 දක්වා සුළඟේ වේගය වැඩිවනු ඇත. එම මුහුදු ප්‍රදේශ රළුවීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

    Latest News