ගල් පර්වතය පුපුරුවා නිදන් සෙවූ 2ක් දැලේ

ජූනි 29, 2019

    නෝටන්බ්‍රිජ්,කිරිවන්එළිය,ටැප්ලෝගම ප්‍රදේශයේ ගල් පර්වතයක් කඩා නිධානයක් ගැනීමට උත්සහ කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

     

    ඊයේ රාත්‍රී එම ගල් පර්වතය පුපුරුවා හැර නිධානයක් ගොඩ ගැනීමට උත්සහ දරන බවට ප්‍රදේශවාසින් ලබා දුන් තොරතුරක් මත පොලීසිය විසින් එම ස්ථානයට ගොස් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

    එම අවස්ථාවේ නිධානය ගොඩ ගැනිමට උපයෝගී කරගත් උපකරණ රැසක් සහ පුජා භාණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

    සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (29) ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 29 ජූනි 2019 10:54

    Latest News