රුවන්වැල්ල, ගෝනගල ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් 9 දෙනෙකු රුවන්වැල්ල පොලිසිය මගින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

පුරාවස්තු සෙවීමේ අරමුණෙන් කැණීම් කරමින් සිටි දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොණරාගල මැදගම වෙල්යායේ නිදන් සොයා කෑනිම් කරමින් සිටි දෙදෙනකු මොනරාගල දිසා පුරාවස්තු ආරක්ෂක විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

නෝටන්බ්‍රිජ්,කිරිවන්එළිය,ටැප්ලෝගම ප්‍රදේශයේ ගල් පර්වතයක් කඩා නිධානයක් ගැනීමට උත්සහ කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලවාය ආදාවෙලයාය නිදන් සොයා කැනීම් කල සැකකාරියක ඇතුළු සැකකරුවන් දොලොස් දෙනෙකු ඊයේ රාත්‍රි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

බ්‍රිඩ්වෙල් තේ වත්තේ, තේ ගස් ගලවා විශාල වලවල් හාරා පරිසර විනාශයක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (27) අලුයම අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.

බකමූණ,ඇලහැර,කුමාරඇල්ල ප්‍රදේශයේ  වසර තුන හමාරක් තිස්සේ  නිදහන් ගැනීම සඳහා කැණීම් සිදුකළ ස්ථානයක් වටලා සැකකරුවන් හත් දෙනෙක් හා උපකරණ රැසක් අත්අඩංගුවට ගනු ලැබීය. වැටලීම සිදුකළේ  දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (21) රාත්‍රී.

බෙලිඅත්ත ගැටමාන්න රිලාගලයාය කඳුපන්තියට අයත් ප්‍රදේශයක අධිබලැති පුපුරන ද්‍රව්‍ය භාවිතා කර නිධන් හැරීමට කැණීම් සිදුකළ ස්ථානයක් වැටලීමට බෙලිඅත්ත පොලිසිය සමත්ව තිබේ.

මහඔය, නුවරගලතැන්න රක්ෂිතයේ පුරාවස්තු සෙවීමට කැණීම් කරමින් සිටි සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනිණ.

Latest News