පල්ලත්තර ශ්‍රී සුමනජෝති නායක ස්වාමීන් වහන්සේ අපවත් වෙති

ජූනි 09, 2019

    දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති, ගාල්ල මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය අති ගෞරවණීය පල්ලත්තර ශ්‍රී සුමනජෝති නායක ස්වාමීන් වහන්සේ අද (09) අපවත් වී වදාළහ.

    1942.07.15 දින පල්ලත්තර දී උපත ලබා මුල්කිරිගල රජමහා විහාරයේ දී පැවිදි බව ලැබූ ශ්‍රී සුමනජෝති නායක ස්වාමීන් වහන්සේ අපවත් වන විට 95 වැනි වියේ පසුවූහ. මූලගිරි මහා විහාර වංශය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, වාග් විද්‍යාත්මක සිංහල ව්‍යාකරණය ආදි ග්‍රන්ථ රාශියක් ලක්මවට දායාද කළ නායක ස්වාමීන් වහන්සේ 2012 වසරේ සිට අපවත් වනතුරු රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති වශයෙන් කටයුතු කළහ. ආදාහන පූජෝත්සවය ලබන බදාදා (12) ප.ව. 3.00ට ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ දී සිදු කිරීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 09 ජූනි 2019 20:38

    Latest News