UP DATE : ඉවත් වූ මුස්ලිම් ඇමතිවරු විපක්ෂ නායක හමුවෙයි

ජූනි 08, 2019

    පසුගිය පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රට තුළ ඇති වී තිබෙන තත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට ආණ්ඩුවේ ඇමති තනතුරුවලින් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, රිසාඩ් බදුයුදීන්, ඒ. එච්. එම්. ෆවුසි ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් අද (08) පෙරවරුවේ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාව ඔහුගේ නිල නිවසේදී හමුවූහ.

    එහිදි තනතුරුවලින් ඉවත් වීමට හේතු කරුනු ඔවුන් ඉදිරිපත් කළ බව විපක්ෂ නායක මාධ්‍ය ඒකකය පවසයි. එවැනි ක්‍රියාවක් කිරීම සුදුසු නොවන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කර තිබේ.

     තුළින් මුස්ලිම් නොවන සමාජයේ ආගමික නායකයින් සහ ජනතාව තුළ වැරදි අවබෝධයක් ඇති වීමට ඉඩ ඇති බව විපක්ෂ නායක විසින් පෙන්වා දි ඇත. කිසිම අවස්ථාවකදී රට තුළ ජාතිවාදය ඇවිලවීමට කිසිවෙකුටත් ඉඩ නොදිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

    විවිධ පක්‍ෂ නියෝජනය කරන මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම තීන්දුව ගැනීමට මූලික හේතුව වූයේ මුස්ලිම් ප්‍රජාවගෙන් ලැබුණු ප්‍රතිචාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ජීවිත අවදානම ගැනද සලකා බැලීමෙන් පසුව බව මුස්ලිම් මන්ත්‍රීවරු ප්‍රකාශ ඊට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කර ඇත. මුස්ලිම් දේශපාලනඥයින් හා මුස්ලිම් ජනතාව කිසි දිනක ත්‍රස්තවාදයට සහයෝගය දක්වා නැති බවත් ඒසේ නොකළ නිසා වසර 30ක යුද්ධයේදී මුස්ලිම් ජනතාව විශාල ප්‍රමාණයක් සමූල ඝාතනයට ලක් වූ බවත් ඔවුන් විපක්‍ෂ නායක වෙත පැවසූවේ යැයි විපක්ෂ නායක කාර්යාලය පවසයි.

     

     

    ඉවත් වූ මුස්ලිම් ඇමතිවරු විපක්ෂ නායක හමුවෙයි -  (පෙ.ව. 11:58)

    සිය ධුරවලින් ඉල්ලා අස් වු ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු මේ වන විට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම පිහිටි නිල නිවසට ගොස් ඇති බව වාර්තා වෙයි.

     මුස්ලිම් ඇමතිවරු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර තිබේ.  මුස්ලිම් ජාතික , රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් නවදෙනෙක් ඊට ඇතුළත් විය.

     

    Last modified on සෙනසුරාදා, 08 ජූනි 2019 20:22

    Latest News