සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට ඒකාබද්ධ කමිටුවක්

ඔක් 01, 2020

    සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට ඒකාබද්ධ කමිටුවක් පත්කරන්නැයි අග්‍රාමාත්‍යතුමා උපදෙස් දෙයි.

    සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පත් කරන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (30) පස්වරුවේ පැවැසීය.

    සුරාබදු නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

    මෙම හමුවේදී සුරාබදු නිලධාරීන්ගේ වෘත්තීමය ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමා, දේශපාලන බලපෑම්මත සුරාබදු නිලධාරීන්ට ස්ථාන මාරු ලබා දීම වහාම නවතා දමා සුදුසුකම් සැපිරූ නිලධාරීන්ට පමණක් ස්ථාන මාරු ලබා දෙන්නැයි උපදෙස් දුන්නේය.

    ඒ අනුව ප්‍රතිලාභ ලබන ස්ථානවල සේවය කරන සුරාබදු නිලධාරීන් ස්ථාන මාරු ක්‍රමවේදයට අනුව නියමිත කාලයට මාරු කිරීමට පියවර ගන්නැයි ද අග්‍රාමාත්‍යතුමා පැවැසීය.

    Latest News