පසුගිය පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රට තුළ ඇති වී තිබෙන තත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට ආණ්ඩුවේ ඇමති තනතුරුවලින් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, රිසාඩ් බදුයුදීන්, ඒ. එච්. එම්. ෆවුසි ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් අද (08) පෙරවරුවේ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාව ඔහුගේ නිල නිවසේදී හමුවූහ.

සියළු මුස්ලිම් කැබිනට්,රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ධුරවලින් ඉවත් වූ බවට වන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඇමති රිෂාඩ් බද්යුදීන් ප්‍රමුඛ රජයේ සියළුම මුස්ලිම් කැබිනට් අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරු ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ආරංචි මාර්ග පවසයි.

Latest News