තහනම් දැලෙන් මාළු ඇල්ලූ 7කට මාංචු

ජූනි 08, 2019

    ත්‍රිකුණාමලය, මලේයිමුණ්ඩාල මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි දැල් භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හත්දෙනෙකු (07) අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් වයස අවුරුදු 18 ත් 27 ත් අතර පසුවන ඊච්ලම්පත්තු ප්‍රදේශයේ පදිංචිකරුවන්. එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ තහනම් ධීවර දැලක් නාවික හමුදා භාරයට ගැනිණ.

    අත්අඩංගුවට ගත් පුද්ගලයන් හා ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහාකර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

    Last modified on සෙනසුරාදා, 08 ජූනි 2019 14:38

    Latest News