දොස්තර තර්ජනය කළැයි, සේවකයෝ වර්ජනයක

ජූනි 01, 2019

    බදුල්ල මහ රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙක් රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෙකුට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අද (01) උදැසන සිට රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය රෝහල් පරීශ්‍රයේ විරෝධතාවක නිරත විය.

    ඔවුන් රෝහල් පාලන අධිකාරියෙන් ඉල්ලා සිටින්නේ මෙම සිද්ධියසම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර ඊට විසඳුමක් ලබා දෙන ලෙසයි.

    මේ පිළිබඳව බදුල්ල රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය උපුල් කරුණාරත්න මහතාගෙන් විමසිමක් කළ විට ඔහු සඳහන් කළේ මේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශණ ආරම්භ කර ඇති බවයි.

    SnapShot273

    SnapShot276

    SnapShot275

     

    Last modified on සෙනසුරාදා, 01 ජූනි 2019 12:05

    Latest News