කොරෝනා වෛරසයෙන් මියගිය වෛද්‍යවරයා ගැන සොයා බැලීමට විශේෂ විමර්ශනයක්.

පෙබ 08, 2020

    කොරෝනා වෛරසයට ගොදුරුව මියගිය වෛද්‍ය ලී වෙන් ලියන් මහතාගේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් චීනයේ වුහාන් නගරයට යැවීමට තීරණය කර තිබේ.

    ජාතික අධීක්ෂණ කොමිසම මේ පියවර ගෙන ඇත්තේ චීන කොමියුනිස්ට් පක්ෂ‍යේ මධ්‍යම කමිටුවේ අනුමැතිය ඇතිවයි.

    අක්ෂි විද්‍යාව පිළිබඳ වෛද්‍යවරයෙකු වන ලී වෙන් ලියන් මහතා කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට දැඩි පරිශ්‍රමයක් ගත් අයෙකි.

    එම සිද්ධිය සැළවීමෙන් පසුව ජාතික අධීක්ෂණ කොමිසම සිය සංවේගය පළකර තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පැවසුවේ මෙම දුෂ්කර අවස්ථාවේ කොරොනා වෛරස් රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ගේ කාර්යභාරය ඉහළින් අගය කරන බවයි.

    එසේම වෛද්‍ය ලී වෙන් ලියන් මහතාගේ අභාවය පිළිබඳව වූහාන් නාගරික පරිපාලනය ද දැඩි කණගාටුව පළ කර තිබේ.

    Latest News