රතඹලාඔය පාලම අසළින් ජීව අත්බෝම්බයක්

ජූනි 01, 2019

    ආණමඩුව - හලාවත මාර්ගයේ රතඹලාඔය පාලම ආසන්නයේ තිබී විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ජීව අත් බෝම්බයක් සොයා ගෙන තිබේ.

    ඊයේ (31) වැනිදා සවස මෙම ජීව අත් බෝම්බය සොයා ගෙන තිබේ.

    SHG 87 වර්ගයට අයත් මෙම ජීව අත්බෝම්බය සක්‍රීය මට්ටමේ පැවති බවයි පොලිසිය පවසන්නේ.රජයේ ආරක්ෂක අංශ විසින් භාවිතයට ගන්නා මෙම අත් අබෝම්බය බෝතලයක බහා තිබිණ.

    කවුරුන් විසින් මෙම අත් බෝම්බය රතඹලාඔය පාලම ආසන්නයට ගෙනවිත් දැමුවාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර,ඒ සම්බන්ධයෙන් පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරයි.

    Last modified on සෙනසුරාදා, 01 ජූනි 2019 09:40

    Latest News