ජනතා ඉල්ලීම - හැටන් ඩන්බාර් ආදාහනාගාරයක් කර නොගන්න

ජූනි 01, 2019

    හැටන් ඩන්බාර් ක්‍රිඩාංගණය අදාහානාගාරයක් කර නොගන්නා ලෙස හැටන් ප්‍රදේශයේ ක්‍රිඩාකයන් සහ ප්‍රදේශවාසින් බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

    හැටන් ඩන්බාර් ක්‍රිඩාංගණය හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වේ. හැටන් ප්‍රදේශයේ පාසල්වල ක්‍රිඩා උත්සව, ක්‍රිඩා සංගම් වල පුහුණු විම් කටයුතු සහ කලාප ක්‍රිඩා උත්සව ඇතුළු අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ උත්සව ගණනාවක් මෙම ක්‍රිඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පවත්වයි.

    පසුගිය කාලය තුල ප්‍රදේශයේ ප්‍රබල දේශපාලඥයින්ගේ මැදැහත්විමෙන් මිය ගිය දේශපාලනඥයන් සහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ගේ අදහන කටයුතු මෙම ක්‍රිඩාංගණයේදි සිදුකර තිබුණි.

    හැටන් ඩන්බාර් ක්‍රිඩාංගණයේ මෙසේ අදහන කටයුතු සිදු කිරිම නිසා එම ක්‍රිඩාංගණයේ ක්‍රිඩා කරන ක්‍රිඩකයන්ගේ මානුෂිකත්වයට දැඩි බලපැමක් එල්ල වන බවත්, එ තුලින් ක්‍රිඩාංගණය අවට පදිංචි විශාල පිරිසකට විශාල බලපැමක් සිදු වන බව ඔවුන් කියා සිටිති. ක්‍රිඩාංගණයේ ක්‍රිඩා කටයුතු වලට ද එයින් බාදා එල්ලවේ. හැටන් ඩන්බාර් ක්‍රිඩාංගණය අංග සම්පුර්ණ ක්‍රිඩාංගණයක් ලෙස ප්‍රතිසංස්කරණ කිරිම සදහා පැවති රජයන් විසින් විශාල වශයෙන් ප්‍රතිපාදන වැය කර ඇත.

    danbarground1 px 900 19 06

    Last modified on සෙනසුරාදා, 01 ජූනි 2019 16:57

    Latest News