ගම්පොළ සීමාවාසික වෛද්‍යවරයෙක්ට කොරෝනා

දෙසැ 08, 2020

    ගම්පොළ ශික්ෂණ රෝහලේ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරයෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබේ.

    මේ හේතුවෙන් එම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 70 දෙනෙක් ස්වයං නිරෝධායනයට ලක් කෙරිණ. රෝහලේ බාහිර රෝගි අංශය, හදිසි අනතුරු ඒකකය සහ තවත් වාට්ටු තුනක් වසා දැමීමට පියවර ගැනිණ.

    පිළියන්දල බස්නැවතුම්පොළේ වේලා සටහන්කරුවෙක් කොවිඩ්-19 රෝගියෙක් ලෙස හඳුනාගෙන තිබේ. ඒ අහඹු පරීක්ෂණයකදී. මේ හේතුවෙන් බස්නැවතුම්පොළේ සේවය කරන පුද්ගලයින් 110 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ සඳහා අවශ්‍ය නියැඳී ලබාගැනීම සිදුකෙරිණ.

    මේ අතර කොවිඩ් 19 පුද්ගල මරණ 2ක් ඊයේ වාර්තා විය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ, ඉන් එක් මරණයක් කොළඹ 13 ප්‍රදේශයෙන් වාර්තා වී ඇති මියගිය අනෙක් පුද්ගලයාගේ පදිංචි ස්ථානය නිශ්චිතව අනාවරණය වී නොමැති බවයි. මේ අතර ග්‍රාම නිලධාරී වසම් 25ක සහ පොලිස් බල ප්‍රදේශ 9ක් තවදුරටත් හුදෙකලා තත්වයේ පසුවෙයි.

    Latest News