සීමාවාසික වෛද්‍ය අයඳුම්පත් කැඳවීම ළඟදීම

අගෝ 19, 2019

    සීමාවාසික වෛද්‍ය අයඳුම්පත් කැඳවීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සංශෝධිත ප්‍රතිඵල ලේඛන නිකුත් කළ වහා සිදු කරන බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුම්දී ඇත්තේ, මේ වන විට නිකුත් කර ඇති විශිෂ්ට සාමාර්ථලාභීන්ගේ ලැයිස්තුවේ යම් සංශෝධනයක් සිදු කළ බව, එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ප්‍රකාශ කළේය. ඊට හේතු වන්නේ, යාපනය විශ්වවිද්‍යාලයේ අවසන් ප්‍රතිඵල ලේඛනයට තොරතුරු ඇතුළත් කිරීමේ දී ඇතිවූ ප්‍රමාද දෝෂයක්. අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය පසුගිය 16 වැනි දිනට යෙදී තිබිණ.

    එහෙත්, යාපනය විශ්වවිද්‍යාලයේ වැඩබලන පීඨාධිපතිවරයා පසුගිය ජුලි මාසයේ 8වැනි දින ලබාදුන් ප්‍රතිඵල ලේඛනයට අනූව එහි දෝෂයක් සිදුවූ බව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ප්‍රකාශ කළේය. ඒ අනූව, 2011 හා 2012 වසර සිසුන්ගේ අවසන් ප්‍රතිඵල ලබාගත් විගස, අදාළ ප්‍රතිඵල ලේඛන නිවැරදි කිරීමෙන් පසු නිර්දේශිත ප්‍රතිඵල සටහන් සම්පූර්ණ කෙරේ. පසුව එම ලේඛනය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත නිකුත් කිරීමට පියවර ගන්නා බව, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියි.

    Last modified on සදුදා, 19 අගෝස්තු 2019 10:30

    Latest News