ත්‍රිකුණාමලයේ වැලි ජාවාරමට වැටබඳින මෙහෙයුම

මැයි 30, 2019

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ අනවසර වැලි කැනිම් සිදු කරන ස්ථාන හඳුනාගෙන එම ස්ථාන වැටලිම සඳහා භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය මගින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

    මැයි මස 28 වන දින සිට 30 වන දින දක්වා මෙය ක්‍රියාත්මකයි. මේ සඳහා නාවික හමුදාව සහ වලාන දුෂණ මර්ධන ඒකකයේ සහාය ලබා දීමට කටයුතු කර තිබෙන බව නාවික හමුදාව පවසයි.

    ඒ අනුව අද වැලි කැනිම් කටයුතු සිදු කරනු ලබන ස්ථාන පරික්‍ෂා කෙරෙන අතර වැලි කැණිම් සඳහා නිකුත් කර ඇති බලපත්‍ර පරික්‍ෂා කිරීම ද සිදු කරනු ලබයි. වැලි කැණිම් කටයුතු සිදු කිරීමෙන් සිදු වන පරිසර හානිය අවම කර ගැනීම හා පරිසර පද්ධතිය සුරක්‍ෂිත කර ගැනීම මෙම වැඩසටහනේ අරමුණයි.

    මේ වන විට ත්‍රිකුණාමලය, උප්පාරු පාලම අසල බලපත්‍ර නොමැතිව වැලි ගොඩ දැමු පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ. ඔවුන් වැඩිදුර පරික්‍ෂණ කටයුතු සඳහා ‍සේරුනුවර, පොලිසිය වෙත භාර දී තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 මැයි 2019 12:08

    Latest News