ත්‍රිකුණාමලය ඇතුලු තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

අප්‍රේ 29, 2021

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනූව, එම දිස්ත්‍රික්කයේ උප්පුවේලී පොලිස් බල ප්‍රදේශයේ සුමේදගම්පුර ග්‍රාම නිලධාරී කොට්ඨාසය, ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ මූදෝවී ග්‍රාම නිලධාරී කොට්ඨාසය, කොවිල්අඩි ග්‍රාම නිලධාරී කොට්ඨාසය, ලිංගනගර් ග්‍රාම නිලධාරී කොට්ඨාසය මේ මොහොතේ සිට හුදකලා කෙරේ.

    එමෙන්ම චීන වරාය පොලිස් බල ප්‍රදේශයේ කාවට්ටිකුඩා ග්‍රාම නිලධාරී කොට්ඨාසය සහ චීන වරාය ග්‍රාම නිලධාරී කොට්ඨාසය හුදකලා කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Latest News