ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිතර වූ 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොල්හේන, හිරළුගෙදර, කළුඅග්ගල සහ අස්වැන්නවත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් අද රාත්‍රී 8.00 සිට හුදෙකලා කෙරේ.

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් සතියක කාලයක් සඳහා වසා දමා තිබේ. 

අද උදෑසන වන විට මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 314 දෙනෙක් හඳුනාගෙන තිබේ.

ගතවූ පැය 24 තුළ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 428 දෙනෙක් හඳුනාගෙන තිබේ.

“බුරවී“ සුළි කුණාටුව අද (02) පෙ.ව 11.30 වන විට ත්‍රිකුණාමලයට කි.මී 140ක් නැගෙනහිර ට බරව ගිනිකොණ දෙසින් ‍උතුරු අක්ෂිංශ 8.7ත් නැගෙනහිර දේශාංශ 82.5ත් ආසන්නව ස්ථානගතව පවතී.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවි සුළි කුණාටුව ඊයේ (01) මධ්‍යම රාත්‍රිය වන විට ත්‍රිකුණාමලය කි.මී.330ක් නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි කැණීම් සඳහා නව බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

උතුරු පළාතෙත් පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි.100-150 පමණ ඉතා වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Latest News