සරසවි රැසක් අද හා හෙට ඇරඹේ

මැයි 21, 2019

    වසා දැමුණු විශ්වවිද්‍යාල රැසක අධ්‍යයන කටයුතු අද (21) සහ හෙට දින (22) සිට ආරම්භ වේ.

    රටේ පැවැති ආරක්ෂක තත්ත්වය හේතුවෙන් විශ්ව විද්‍යාල කටයුතු තාවකාලිකව නතර කරනු ලැබිණ. සබරගමුව, ඌව වෙල්ලස්ස, පේරාදෙණිය, කොළඹ, රජරට, සෞන්දර්ය කලා ඇතුළු විශ්වවිද්‍යාල රැසක අධ්‍යයන කටයුතු මේ අනුව හෙට (22) ආරම්භ කිරීමට නියමිතයි.

    සිසුන් තමන්ගේ අනන්‍යතාව සහතික කිරීම සඳහා විශ්වවිද්‍යාල හැදුනුම්පත හා ශිෂ්‍ය වාර්තා පොත රැගෙන විශ්වවිද්‍යාලයට පැමිණිය යුතුයි. සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන බැවින් ඒ සඳහා සියලු සිසුන් තම සහාය පළ කළ යුතු බවත්, මුහුණු වැසෙන ඇඳුම්වලින් විශ්වවිද්‍යාල භූමියට නොපැමිණිය යුතු බවත් උපකුලපතිවරුන් දන්වා සිටියි.

    Last modified on අඟහරුවාදා, 21 මැයි 2019 07:30

    Latest News