සියලු විශ්වවිද්‍යාල අද සිට විවෘතයි

අගෝ 17, 2020

    කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු සියලු විශ්වවිද‍්‍යාල අද (17) දිනයේ සිට යළි විවෘත කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත සමාන්‍ය පරිදි විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සිදුකරන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

    මේ අතර, කැලණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු අගෝස්තු 19 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

    ඒ අනූව නේවාසිකාගාර පහසුකම් හිමි සිසුන් අගෝස්තු 18 වන දින පස්වරු 5.00ට පෙර නේවාසිකාගාර වෙත වාර්තා කළ යුතු බවත් එම ඒකකය දැනුම් දෙයි.

    Last modified on සදුදා, 17 අගෝස්තු 2020 10:32

    Latest News