සඟවා තිබූ සිම් කාඩ් 1475ක් මාඔය කැළයකින් එළියට

මැයි 21, 2019

    කොච්චිකඩේ,ඕවිටියාව,මාඔය අසළ කැලෑ ප්‍රදේශයේ පොහොර උරයක දමා සඟවා තිබූ එක්තරා සමාගමකට අයත් සිම් කාඩ්පත් 1475ක් කොච්චිකඩේ පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

    ඊයේ සවස (20) කොච්චිකඩේ පොලීසියට ලද තොරතුරක් මත මේවා සොයා ගැනුණු අතර මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කොච්චිකඩේ පොලීසිය මගින් සිදුකරනු ලබයි.ඊයේ සවස මාඔයේ මසුන් ඇල්ලීමට ගිය තරුණ පිරිසකට මෙම සම්කාඩ්පත් අඩංගු ගෝනියක් හමුවී තිබේ. ඔවුන් වෙන්නප්පුව පොලීසියට මේ බව දැනුම් දීමෙන් අනතුරුව ගෝනිය රැගෙනවිත් පරික්ෂාවට ලක් කෙරිණ. එහි දී මාතර පදිංචිකාරියකගේ ලිපිනයක් සහ දුකරථන අංකයක් ද එහි තිබී හමුවූ බවයි කොච්චිකඩේ පොලීසිය පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 21 මැයි 2019 08:04

    Latest News