කාණ්ඩ වශයෙන් සරසවි ආරම්භ කිරීමට පියවර

ඔක් 26, 2021

    කාණ්ඩ වශයෙන් විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

    පළමු කාණ්ඩය යටතේ විභාග හා ප්‍රයෝගික පුහුණු කටයුතු සඳහා මූලිකත්වය ලබාදෙන බවයි,එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ.

    විශ්වවිද්‍යාල යළි විවෘත කිරීම සම්බන්ධයෙන් සියලුම උප කුලපතිවරුන්, සෞඛ්‍ය අංශ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සහභාගීත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයන්ට එළැඹ තිබේ.

    සභාපතිවරයා පවසන්නේ විශ්වවිද්‍යාල සිසුන්ගෙන් 90 % එන්නත්කරණයට ලක්ව ඇති බවයි.

    එමෙන්ම විශ්වවිද්‍යාල සඳහා කැඳවිය හැක්කේ කොවිඩ් මර්දන දෙවන එන්නතත් ලබා ගෙන දින 14ක් ඉක්මවූ සිසුන් පමණක් බවත් ඔහු ප්‍රකාශ කරයි.

    සභාපතිවරයා පවසන්නේ වෛද්‍ය විද්‍යාල සහ සම සෞඛ්‍ය පීඨවල සිසුන් මෙම තීරණයන්ට යටත් නොවන බවයි.

    Latest News