විශ්වවිද්‍යාල ආරම්භ කිරීම යළි කල් යයි

අප්‍රේ 22, 2021

    පවතින 'කොවිඩ්-19' තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශයේ උපදෙස් පරිදි සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීම තවත් සති දෙකක් දක්වා කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ ය.

    අප්‍රේල් 27 දින සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට සැළසුම් කොට තිබූ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත පවතින 'කොවිඩ්-19' තත්ත්වය සැළකිල්ලයට ගනිමින් මෙම පියවර ගැනීමට කටයුතු කළ බව අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව අප්‍රේල් 27 දිනෙන් පසු තවත් සති දෙකක් දක්වා කල් දැමීමට තීරණය කළ බවත් මේ පිළිබඳව සියලු විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු දැනුවත් කරන බවද සඳහන් කළේ ය.

    Last modified on බ්‍රහස්පතින්දා, 22 අප්‍රේල් 2021 12:52

    Latest News